28.3 C
Galle

නිවසක සිදුවූ පිපිරීමකින් තරුණයන් දෙදෙනකු රෝහලේ

Published:

ඉබ්බාගමුවේ පන්නල නිවසක පවත්වාගෙන යන ත්‍රී රෝද රථ අලුත්වැඩියා ස්ථානයක සිදුවූ පිපිරීමකින් 03 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

පිපිරීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී කාලයේ දී ය. නිවැසියන් පවසා ඇත්තේ රතිඤ්ඤා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත්කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් එම බටය කැපීමට යාමේ දී මේ පිපිරීම සිදුවූ බවයි. ඔවුන් පවසා ඇත්තේ මල් වෙඩිල්ලක් සෑදීම සඳහා උත්සාහ කළ බවකි.

පිපිරීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 22 හා 27ක් වන තරුණයන් දෙදෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයේන ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්බ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!