26.7 C
Galle

ඉන්දියාවේ පිහිටට Google සහ Microsoft එයි

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ඉන්දියාවට ආධාර දීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් ආයතන එක්ව සිටියි.

ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ඉන්දියාවේ උපත ලැබූවෙකි. ඔහු පවසන්නේ ඔක්සිජන් හිඟයෙන් මිදීම ඇතුළු හදිසි වෛද්‍ය ආධාර සඳහා සඳහා සහය ලබාදෙන බවයි. ඒ සඳහා සිය සමාගම ඉන්දීය රුපියල් මිිලන 1.35ක් වෙන්කර ඇති බව ද හෙතෙම පවසයි.

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාඩෙල්ලා ද ඉන්දීය සම්භවයක් ඇති අයෙකි. හෙතෙම පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවයි. ඉන්දියාවට මේ අවස්ථාවේ හැකි උපරිම සහයක් දැක්වීමට තම සමාගමේ සම්පත් සහ තාක්ෂණය යොදාගන්නා බවත් ඔක්සිජන් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බවත් හෙතෙම පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!