28.3 C
Galle

වැලිගම දී කතානායකට විරෝධයක්. පොලිසියත් මැදිහත් වෙයි

Published:

වැලිගම චාලිමවුන්ට් වත්තේ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා ඉඩම් බැලීමට අද (27) එහි පැමිණි කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසකට එම වතුයායේ සේවකයෝ දැඩි විරෝධයක් දැක්වූහ.

වතුයායේ සේවකයන් පවසන්නේ තම ජීවිකාව පවත්වාගෙන යන්නේ චාලිමවුන්ට් වත්තෙන් බවයි. එබැවින් මෙහි කර්මාන්තපුරයක් ඉදිකළහොත් තමන්ට ජීවත්වීමට හැකියාවක් නැතැයි ඔවුහු කියති.

වත්තේ පදිංචිකරුවන්ගේ විරෝධතාව හේතුවෙන් කතානයකවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා පොලිසියේ සහය ලබාගැනීමට පවා සිදුවිය.

Related articles

spot_img
error: Content is protected !!