29.4 C
Galle

විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකට භාර දෙයි

Published:

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් සමග ජන බලවේගය විසින් අද (03) සවස කතානායකවරයාට භාර දී තිබේ.

කතානායක නිල නිවසේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනා භාර දී ඇත.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙසේ පවසයි.

“අද අපි ජනාධිපතිවරයාට සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවටත් විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයාට භාර දුන්නා. මෙය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන ඡන්යකට යොමුකළ යුතුයි. ඒ වගේම මේ යෝජනා දෙකට පක්ෂවීම සහ විපක්ෂ වීම මත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය, ඔවුන්ගේ මතය සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය ජනතවාට දැකගත හැකිවේවි. දැන් ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් දුක් විදිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් සැබෑවටම දුක්විඳින ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද කියා දැනගන්න මේක හොඳ අවස්ථාවක්.”

Related articles

spot_img
error: Content is protected !!