26.7 C
Galle

ඉන්දියාවේ භූමිකම්පා දෙකක්

Published:

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ අද (28) උදෑසන භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

පළමු භූමිකම්පාව සිදුව ඇත්තේ අද උදෑසන 7.51 ට වන අතර එය රිච්ටර් මාපකයේ ඒකක 6.0 ක් ලෙස සඳහන්ව තිබේ. පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 34ක් ගැඹුරින් අපි කේන්ද්‍රය පිහිටා තිබිණි.

දෙවැනි භූමිකම්පාව එම ආසන්නයේ ම ඊට විනාඩි 12 කට පසු 8.03ට සිදුව ඇත. රිච්ටර් මාපකයේ ඒකක 4.9ක් ලෙස සඳහන්ව ඇති එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 35ක් ගැඹුරින් පිහිටා ඇත. සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා කර නැත.

Related articles

spot_img
error: Content is protected !!