27.2 C
Galle

බස්නාහිරින් පිටවන අයට හා ඇතුළුවන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

Published:

බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන පුද්ගලයන් සඳහා ස්ථාන 12 ක දී අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

මෙය අද (29) දහවල් 12.00 සිට ආරම්භ කිරීමට නියමිතය.

පොලිසිය පවසන්නේ කොච්චිකඩේ තොප්පුව පාලම, කොටදෙණියාවේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමන බැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, කිනියාවල හන්දිය, ඉංගිරය කැටකැදැල්ල පාලම, බදුරලිය කලවාන සමන්දේවාලය අසළ, මීගහතැන්න පොලිස් වසමේ ගොකදූව අවිත්තාව පාලම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යන ස්ථානවල මෙලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!