27.1 C
Galle

අහස අඳුරු වෙයි. සවස වැසි අපේක්ෂාවක්

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද (11) සවස හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇතිවිය හැකි අතර ඇතැම් අවස්ථාවල දී එය මිලිමීටර 50 ඉක්මවා යා හැකි බව ද කාර්ය භාර කාලගුණ විද්‍යාඥ පවසයි.

මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වල ද වැසිවාර කිහිපයක් ඇතිවන අතර අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!