28.9 C
Galle

මාතරින් කොරෝනා මරණ දෙකක්

Published:

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) දිනයේ දී කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොරවක අලපලාදෙණියේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් හා අකුරැස්සේ කියාඬුව පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ග‍ලයෙකි. මියගිය කාන්තාව පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවිකාවකි. ඇය කඹුරුගමුව ලැබීම රෝහලේ දී කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇත.

කියාඬුවේ පදිංචි පිරිමි පුද්ගලයා මියගියේ හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ දියවැඩියා රෝගය උත්සන්න වීම සමඟ කොරෝනා ආසාදනය වීමයි.

Related articles

spot_img
error: Content is protected !!