28.9 C
Galle

ගාල්ලේ මහින්දය පළමු පෙළ දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනයි

Published:

ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (02) සමත්වූයේය.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය එහි අනුශූරතාව හිමිරකගත්තේය. මහින්ද විද්‍යාලය දේවපතිරාජ කණ්ඩායම පරාජය කළේ කඩුළු 03කිනි

පළමුව පන්දුවට හරදුන් දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායමට පන්දුවාර 36.5ක දී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 99ක් පමණි. එහි දී නවෝද් පරණවිතා ලකුණු 08කට කඩුළු 03ක් හා සුභානු රාජපක්ෂ ලකුණු 22කට කඩුළු 03ක් දවාගත්හ.

ලකුණු 100ක ඉලක්කය හඹාගිය මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර 35.4ක දී කඩුළු 07ක් දැවී එම ඉලක්කය පසු කළහ.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් ධනුජ ඉඳුවර නොදැවී ලකුණු 24ක් හා කෞෂිත කොඩිතුවක්කු ලකුණු 23ක් රැස්කළහ.

Related articles

spot_img
error: Content is protected !!