28.9 C
Galle

දකුණේ දෛනික ආසාදිතයන් වැඩිම අද

Published:

දකුණු පළාතෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (06) වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

එම සංඛ්‍යාව 262කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 159ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 59ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 44ක් වශයෙන් මෙම රෝගීන් ප්‍රමාණය වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් පිළිබඳ තොරතුරු දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් යාවත්කාලීන කරනු ලැබ ඇත්තේ අද (06) දහවල් 12.00ට ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතින් ලැබී ඇති තොරතුරු අනුවය.

දකුණේ ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව.

ගාල්ල දිස්ත්‍රික්කය 159

අක්මීමණ 06

අම්බලන්ගොඩ 03

බද්දේගම 03

බෝපේ පෝද්දල 06

ඇල්පිටිය 02

ගාල්ල මහ නගර සභාව 07

ගෝනාපීනුවල 01

හබරාදුව 86

හික්කඩුව 24

ඉමදුව 09

නාගොඩ 03

රත්ගම 06

යක්කලමුල්ල 03

මාතර දිස්ත්‍රික්කය 59

අකුරැස්ස 07

අතරළිය 4

දෙවිනුවර 6

දික්වැල්ල 3

හක්මන 1

කඹුරුපිටිය 3

මාතර නගර සභාව 6

මාතර ප්‍රාදේශීය සභාව 2

තිහගොඩ 9

වැලිගම 11

වැලිපිටිය 7

හම්බන්තොට දිස්ත්‍රික්කය 44

අම්බලන්තොට 2

අඟුණුකොළපැලැස්ස 4

බෙලිඅත්ත 6

කටුවන 12

ලුණුගම්වෙහෙර 1

සූරියවැව 6

තංගල්ල 5

තිස්සමහාරාමය 8

Related articles

spot_img
error: Content is protected !!