26.7 C
Galle

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් ළමයි පිරිසක් හා ගුරුවරයෙක් මරුට

Published:

රුසියාවේ කසාන් නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබිමකින් සිසුන් 07 දෙනකු සහ ගුරුවරයකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇති බව ටාටාස්තාන් ජනරජයේ ප්‍රධානී රුස්ටම් මිනිඛනොව් ජාත්‍යන්තර මාධ්‍යවෙත පවසා තිබේ.

මොස්කව් නගරයේ සිට කිලෝ මීටර 820ක් දුරින් මෙම පාසල පිහිටා තිබේ. එය මුස්ලිම් බහුතරයක් ජීවත්වන ප්‍රදේශයකි. මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පාසලේ ජනේලයකින් පැන යාමට තැත්කරු දරුවන් දෙදෙනකු ද වැටී මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර මෙම පපාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පිරිමි ළමයියන් හතර දෙනකු සහ ගැහැනු ළමයින් තුන්දෙනකු ද ගුරුවරයකු ද සිටිින බව දැනට වාර්තා කර ඇත. එමෙන්ම පොලිස් වාර්තා මුළින් සඳහන් කළේ තුවක්කු කරුවන් දෙදෙනකු පැමිණ ඉන් එක් අයකු මියගොස් ඇති බවයි. නමුත් පසුව කීවේ එක් අයකු පමණක් සිටින බවකි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ලියාපදිංචි ගිනි අවියක් රැගෙන පැමිණි 19 හැවිරිදි තරුණයකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

https://www.bbc.com/news/world-europe-57069589

Related articles

spot_img
error: Content is protected !!