27.7 C
Galle

කොග්ගලින් එක් දිනක දී ආසාදිතයන් 217ක්

Published:

කොග්ගල ආයෝජන කලාපයෙන් පමණක් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයන් 217 දෙනකු වාර්තා වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

විවිධ ප්‍රදේශවලින් පැමිණි සේවක සේවිකාවන් කොග්ගල ‍ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවල සේවය කරන අතර ඔවුන් වැඩි පිරිසක් හබරාදුව, කොග්ගල හා අහංගම ප්‍රදේශවල නතර වී රැකියාවල නිරතව සිටිති.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙය ඉතාමත් දැඩි අවදානම් තත්ත්වයක් බවයි. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරයේ පීසීආර් පරීක්ෂණ සඳහා යැවූ ජෛව සාම්පල 5000ක් පමණ ගොඩගැසී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!