29.4 C
Galle

හුංගම ද්විත්ව ඝාතනයක්. ලේලිය සමඟ අමනාපයට බිරිඳත් මරලා

Published:

හුංගම නිවසක දි කාන්තාවන් දෙදෙනකු මරා දමමින් ද්විත්ව ඝාතනයක් සිදුකළ පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම ඇත්බටුව පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විසින් තම බිරිඳ (67) සහ ලේලිය (39) දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

ගම්වාසීන් පවසන්නේ ‍සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මානසික ගැටලුවකින් පීඩාවිඳින අයකු බවයි. ඔහුගේ බාලම පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිටින අතර ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ බිරිඳයි. සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තා නිතර නිතර මෙම ලේලිය සමඟ දබර කරගන්නා බව ද ප්‍රදේශවාසීහු කියති.

ඝාතනය සිදුකිරීම භාවිතා කරන ලදැයි සැකකර කැත්තක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!