29.4 C
Galle

X-Press Pearl නැවේ සිටි අයකුට කොරෝනා

Published:

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ ඇතිවූ පිපිරීමෙන් තුවාල ලබා කො‍ළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නාවිකයාගේ ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ.

ඔහු ඉන්දීය ජාතිකයෙකි.

තවදුරටත් ගිනි ගනිමින් පවතින X-Press Pearl නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා අද (26) දිනයේ දී ද ගුවන් හමුදාව උත්සාහයක නිරතව සිටින අතර ගින්න නිවීම සඳහා වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425ක් නැව මතුපිටට හෙළා තිබේ.

නමුත් නැවේ ගින්න මෙතෙක් පාලනය කිරීමට නොහැකි වී ඇති අතර නැව මේ වනවිට පසෙකට ඇළවී ඇත. නැ‍ව දෙකට කැඩී මුහුදේ ගිලී යනු ඇතැයි විශේෂඥයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!