31.6 C
Galle

ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන් අමාරුවේ

Published:

ඇඹිලිපිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් විකුණාගත නොහැකි වූ බවත් එළවළු තොග ඉක්මණින් අවසන් වූ බවත් ගොවීහු කියති.

කෙසෙල් මිල දී ගැනීමට තොග වෙළඳුන් නොපැමිණීමත් එළවළු මිල දී ගැනීමට පිට පළාත්වලින් වෙළෙන්දන් පැමිණීමත් මීට හේතු වී තිබේ. මේ හේතුවෙන් ඇඹිලිපිටිය ආර්ථික මධයස්ථානයේ කෙසෙල් මිල ඉතා පහළ අගයක තිබූ අතර එළවළු මිල ඉහළ ගොස් තිබිණි.

කෝලිකිට්ටු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 60.00ක්, ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10.00ක්, සීනි කෙසෙල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 30.00ක් දක්වා පහළ බැස තිබූ අතර තක්කාලි කිලෝ ග්‍රෑමයක් රුපියල් 160.00ක්, කරිවිල කිලෝ ග්‍රෑමයක් රුපියල් 120.00ක්, පතෝල කිලෝ ග්‍රෑමයක් 160.00ක් වැනි මුදලකට අළෙවි කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!