27.1 C
Galle

මුලතිව් පිපිරීමකින් කාන්තාවක් රෝහලේ

Published:

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (02) සවස පිපිරීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෙම පිපිරීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කර ඇති අතර පොලිසිය පවසන්නේ ඇය සිය ගෙවත්තේ උදළුගාමින් ිසටිය දී උදැල්ලේ පැටලුණු කිසිවක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.

ආරක්ෂක අංශ පවසන්නේ පුපුරා ගියේ කවරක්ද යන්න ස්ථිරව ම කිව නොහැකි වුව ද පොළොව යට වළලා තිබූ කිසියම් බෝම්බයක් හෝ වෙනත් යුද ‍උපකරණයක් හෝ වෙඩි බෙහෙත් පුපුරා යන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!