28.7 C
Galle

කොටස් වෙළඳ ‍පොළ ඉහළ යද්දී විදේශ ආයෝජන අඩුවෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ඒකක 24කින් ඉහළ ගිය අතර සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7591ක් ලෙස සටහන් විය. සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.1කි.

දිනයේ ගනුදෙනු අතර වැඩි වශයෙන් කොටස් හුවමාරු වූ සමාගම් වන්නේ LOLC සමාගම රුපියල් මිලියන 190ක්, Expolanka සමාගම රුපියල් මිලියන 171ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 120ක්, ලෙස දක්නට ලැබිණි.

වඩාත් සක්‍රීය ලෙස කොටස් හුවමාරු වූ සමාගම් ලෙස සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම, ඒසීඑල් කේබල් සමාගම, දංකොටුව පෝසිලේන් සමාගම යන සමාගම් හැඳින්විය හැකිය.

සුපුරුදු ලෙස අද දිනයේ ද විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 108ක කොටස් විකුණූ අතර මිලදී ගත් කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 22කි. ඒ අනුව සමස්තයක් ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 87ක විදේශ ආයෝජන විකිණීමට ලක්ව තිබේ. විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව, මෙල්ස්ටා‍ක්‍රොප් සමාගම, රෝයල් සෙරමික් සමාගම, ඩයලෝග් සමාගම සහ ඇක්සස් සමාගම් වේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ආපිකෝ ඉන්ෂුවරන්ස් සමාගම, ජෝන් කීල්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම සහ සම්පත් බැංකුව ප්‍රමුඛ වේ.

Related articles

spot_img
error: Content is protected !!