28.3 C
Galle

කුමාර් සංගක්කාර සදාතනික වීරයන්ගේ ලේඛනයට එක්වෙයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් සභබාවේ සදාතනික වීරයන්ගේ නාමාවාලියට ඇතුළත් කර තිබේ.

10 දෙනකුගෙන් යුතු නාමාවලියක් අද (13) අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද නිකුත්කරනු ලැබීය.

මීට පෙර මම නාමාවලියට එක්ව සිටි එකම ශ්‍රී ලාංකිකයා වූයේ මුත්තයියා මුරලිදරන් පමණි. ඒ 2016 ව‍ර්ෂයේ දී ය. මෙම නාමාවලියට ක්‍රීඩකයකු ඇතුළත්වූ විට ඒ වෙනුවෙවන් ම නිපදවන ලද කැප් තොප්පියක් අදාල ක්‍රීඩකයාට හිමිවෙයි.

මෙවැනි නාමාවලියක් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් හඳුන්වාදෙන ලද්දේ එහි ශත සංවත්සරය වෙනුවෙන් 2009 වර්ෂයේ දී ය. ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරත්වය සළකා මෙම නාමාවලියට වාර්ෂිකව ක්‍රීඩකයන් එක්කරනු ලැබේ.

මෙම නාමාවලියට දැනට ක්‍රීඩකයන් 103 දෙනෙක් ඇතුළත්ව සිටිති.

අද ඇතුළත් කරන ලද ක්‍රීඩකයන් 10 දෙනාගේ නම්

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)

ඕබ්රි ‍ෆෝක්නර් (දකුණු අප්‍රිකාව)

මොන්ටි නෝබල් (ඕස්ට්‍රේලියාව)

ශ්‍රීමත් ලියර් කොන්ස්ටන්ටයින් (බටහිර ඉන්දීය කොදෙව්)

ස්ටැන්ලි මැකේබ් (ඕස්ට්‍රේලියාව)

ටෙඩ් ඩෙක්ස්ටර් (එංගලන්තය)

විනෝ මන්කාඩ් (ඉන්දියාව)

ඩෙස්මන්ඩ් හෙන්ස් (බටහිර ඉන්දීය කොදෙව්)

බොබ් විලිස් (එංගලන්තය)

ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ)

Related articles

spot_img
error: Content is protected !!