29.4 C
Galle

රුවන්පුර විද්‍යාපීඨය තාවකාලිකව වසා දමයි.

Published:

කහවත්ත, වැල්ලන්දුර  පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨය තාවකාලිකව වසා දැමූ බව එහි පාලන අධිකාරිය පවසයි.

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශ කළේ එම විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 100ක පමණ පිරිසක් උදරාබාධයකින් පෙළීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. අසනීප වූ සිසු සිසුවියන්ට විද්‍යාපීඨය තුළ දී  ම ප්‍රතිකාර ලබා දී ඇති අතර ආහාර ආසාත්මිකතාවක් මේ උදරාබාධයට හේතු වී ඇතැයි සැක කරයි.

රටේ පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් සිසු සිසුවියන්ට නේවාසිකාගාරවලින් පිටවන ලෙස ද දැනුම් දුන් බව විද්‍යාපීඨයේ පාලන අධිකාරිය පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!