28.3 C
Galle

දිස්ත්‍රික්ක 05ක අවදානම් ප්‍රදේශ 10ක් හුදකලා කරයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (26) අළුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශ පහතින්

බදුල්ල දිස්ත්‍රික්කය – වැලිමඩ පොලිස් බල ප්‍රදේශය හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය – මතුගම පොලිස් බල ප්‍රදේශය යටදොළ ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්න වත්ත ප්‍රධාන කොටස සහ අඹේතැන්න වත්ත ක්ලේ කොටස

මන්නාරම දිස්ත්‍රික්කය – තලෙයිමන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලෙයිමන්නාරම ජැටිය බටහිර කොටස සහ තලෙයිමන්නාරම ජැටිය නැගෙනහිර කොටස

යාපනය දිස්ත්‍රික්කය – කරවෙඩ්ඩි පොලිස් බල ප්‍රදේශයේ කරණවායි ග්‍රාම නිලදාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලදාරී වසමේ නොරගල්ල වත්ත ඉහළ කොටස, පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 01 කොට සහ 05 කොටස, කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 05 කොටස

Related articles

spot_img
error: Content is protected !!