31.6 C
Galle

අම්බලන්ගොඩ පාරේ වැටී මියගිය පුද්ගලයාට කොරෝනා

Published:

අම්බලන්ගොඩ තිලකපුර දී මහ මඟ ඇදවැටී ඊයේ (24) මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර රෝහලට ගෙන යාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

වියළි සළාක ලබාදීමේ අවස්ථාවකට ගොස් එම ආහාර රැගෙන නිවසට එමින් සිටිය දී ඔහු මෙලෙස තිලකපුර ජල ටැංකිය ප්‍රදේශයේ සිය නිවස ආසන්නයේ දී ඇද වැටී තිබිණි.

64 හැවිරිදි වියේ පසු වූ තම පියා හදිසියේ ම ඇද වැටීමත් සමඟ එම ස්ථානයට ගිය පුතුන් දෙදෙනා පියාට කෘතිම ශ්වසනය ලබා දී ඇතත් ඔහු මියගොස් තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!