27 C
Galle

අසේල සම්පත් CID භාරයේ සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

Published:

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව විසින් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඊයේ (25) රාත්‍රී ඔහු පදිංචිව සිටි පිළියන්දල පැලැන්වත්ත නිවසේ දී ඔහු සුදු පාට වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් පැහැරගෙන ගිය බව ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශ්‍යක් සම්බන්ධයෙන් අසේල සම්පත් අත්අඩංගුවට ගත් බවයි. මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලට යම් ද්‍රව්‍ය මිශ්‍රකර එය තත්ත්වයෙන් බාල කිරීමෙන් අනතුරුව ජනතාවට ලබාදෙන බවට ඔහු ප්‍රකාශ කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කියා සිටියේය.

ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකර ඇති බව ද අජිත් රෝහණ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!