27 C
Galle

කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි

Published:

කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

47 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉදිකිරීම් ආයතනයක පෙදරේරුවකු බව ද අනාවරණය වී ඇත. ඔහු මේ වනවිට පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටියි.

ඔහු ජීවත් වූ නිවස ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දමා ප්‍රදේශයේ අහඹු පීසීආර් 100ක් පමණ සිදුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!