28.6 C
Galle

හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි

Published:

නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ හේතුවෙන් දන්සැල පැවැත්වූ විහාරස්ථානයේ හිමියන් ඇතුළු එම ගමේ සියළු නිවැසියන් නිරෝධායනයට ලක්කර තිබේ. එමෙන් ම එම ගම්මානය මේ වනවිට හුදකලා කර ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම දන්සැළ පවත්වා ඇත්තේ පසුගිය පොසොන් පොහොය දිනයේ (24) දී ය. දිවුලපිටියේ සිට පැමිණි පුද්ගලයන් හතර දෙනකු හා සම්බන්ධවෙමින් විහාරාධිපති හිමියන් මෙම දන්සැළ පවත්වා තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ ගම්මානයේ සියළුම දෙනා මේ දන්සැලෙන් ආහාර අනුභව කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!