26.9 C
Galle

පාසල් ‌2962ක් ‌ජූලි මාසයේ විවෘතකරන බව අධ්‍යාපන ඇමති කියයි

Published:

සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුකූලව ළමුන් 100ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් ජූලි මාසයේ දී විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

පාසල් ආරම්භකිරීමට පෙර ගුරුවරු එන්නත්කිරීම අනිවාර්ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ පාස් අතර ළමුන් 50ට අඩු පාස් 1439ක් හා ලමුන් 51-100ත් අතර පාසල් 1523ක් ඇති බැවින් එම පාසල් 2962 ආරම්භකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සඳහා මහින්දෝදය විද්‍යාගාර, පාසල්, විහාරස්ථාන සහ ප්‍රජාශාලා භාවිතා කරමින් මධ්‍යස්ථාන 2000ක් ඇතිකරන බවත් එවැනි ස්ථාන 2096ක් හඳුනාගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. එම මධ්‍යස්ථාන ජූලි මස 05 වැනි දින ආරම්භකිරීමට සැළසුම්කර ඇතැයි ද හෙතෙම කීවේය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත අදහස් දක්වමින් කියා සිටියේ කෙටි කාලයක් තුළ දී සෑම ශ්‍රේණියක් සඳහා ම වෙන ම සැටලයිට් නාලිකාවක් ආරම්භ කිරීමට ද  එමඟින් සජීවී පන්තිකාමරයක් ලෙස ප්‍රවීණ ගුරුවරුන් යොදාගෙන අධ්‍යයන කටයුතු සිදු කිරීමට ද කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!