29.4 C
Galle

සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Published:

පොහො‍ර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල බොරලන්ද ප්‍රදේශයේ දී සිදුකරන ලද උද්ඝෝෂණයක දී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වී අතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ  එම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 05 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් 05 දෙනකු මීටර පෙර අත්අඩංගුවට ගෙන ඊයේ (03) වැලිමට ම‍හේස්ත්‍රාත්වරයා ‍වෙත ඉදිරිපත් කෙරිණි. ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

පොලිසිය එහි දී අධිකරණයට දක්වා තිබුණේ මෙම උද්ඝෝෂණ්‍ය සංවිධානය කිරීම පිළිබඳ සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු තවත් 05 දෙකේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවයි.

ඒ සඳහා නොතීසි නිකුත්කරන ලෙලස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අධිකරණය මෙහි දී දක්වා ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!