28.7 C
Galle

ඇමතිවරයා කීවේ බොරුවක්. ෆයිසර් එන්නත ලැබුණු දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව නෙවෙයි

Published:

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 02ක් මිල දී ගෙන ඇති අතර ලැබී ඇත්තේ ඉන් පළමු කොටසයි.

ෆයිසර් එන්නත් ලැබුණු දකුණු ආසියානු කලාපයේ පළමු රට ශ්‍රී ලංකාව බව රජය පවසයි. මේ බව ඊයේ (04) දිනයේ දී ද අද (05) දිනයේ දී ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කීවේය.

නමුත් එය සත්‍ය ප්‍රකාශයක් නොවේ. ෆයිසර් එන්නතේ මාත්‍රා 5,850ක් මාලදිවයිනට පසුගිය මාර්තු මාසයේ දී ලැබී ඇත.

අමාත්‍ය චන්න ජයසුමන පවසන්නේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවයි. ඒ අතරින් දැනට මිල දී ගත් එන්නත් මාත්‍රා ලක්ෂ 02 කින් 27,000කට ආසන්න ප්‍රමාණයක් අද ලැබුණු බව ද හෙතෙම පවසයි.

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන එහි දෙවැනි මාත්‍රාව නොලැබුණු අය වෙත ෆයිසර් එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.

මෙම එන්නත් කඩිනමින් ජනතාවට ලබාදෙන බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!