26.8 C
Galle

සීයාත්, නිවුන් මුණුපුරන් දෙදෙනාත් දිය නෑමට ගොස් නොඑන ගමන් යයි

Published:

කොස්ගොඩ දූවේමෝදර ගං මෝයේ දිය නෑමට ගිය සීයා සහ හය හැවිරිදි නිවුන් දරු දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් සහ 06 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ මුණුපුරන් දෙදෙනෙකි.

දහවල් දරුවන් දෙදෙනා තම සීයා ද සමඟ දිය නෑමට ගොස් සිටිය දී දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත. ප්‍රදේශවාසීන් එක්ව සිරුරු සොයාගෙන ඇති අතර ඒ වනවිට තිදෙනාම මියගොස් සිටි බව පොලිසිය කියයි. මෙම මරණ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ හෙට (11) බලපිටිය රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!