30 C
Galle

“කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම භයානකයි” – WHO

Published:

කොරෝනා මර්ධනය සඳහා නිපපදවා ඇති විවිධ එන්නත් මිශ්‍ර කර භාවිතා කිරීම භයානක ප්‍රවණතාවක් බව ලොක් සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඊයේ (12) ප්‍රකාශ කළාය.

ඇය ඒබ කියා සිටියේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“යම් නිෂ්පාදකයකුගේ එන්නතක් ලබා දී මෙන් පසු එම එන්නතේ ම දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබා දීම හෙවත් එන්නත් මිශ්‍ර කර ලබාදීම සම්බන්ධයෙන් අප සතුව ඇත්තේ ඉතාමත් සීමිත දත්ත පමණයි. ඒ නිසා මෙලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීම ඉතාමත් භයානක ප්‍රවණතාවක්” යැයි ඇය කියා සිටියාය

Online තාක්ෂණයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

Related articles

spot_img
error: Content is protected !!