29.4 C
Galle

බාලවයස්කාර දැරිය මිල දී ගත් හිටපු ඇමතිට ඇප

Published:

අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා සඳහා අළෙවි කෙරුණු 15 හැවිරදි දැරිය විසින් අද (16) හඳුනා ගන්නා ලද මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

එම සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඔහු ඇතුළු හතර දෙනකු දැරිය විසින් අද හඳුනාගන්නා ලදී. මාලදිවයින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ විමර්ශන කටයුතු අවසන් බැවින් රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරිණි.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනකු සහ හෝටල් සේවකයකු ද දැරිය විසින් හඳුනාගන්නා ලදී. එසේ වුව ද ඔවුන් සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්ව නොමැති බැවින් තවදුරටත් ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!