28.9 C
Galle

ඩෙවෝන් ඇල්ලෙන් වැටී තරුණියක් අතුරුදන්

Published:

ඩෙවෝන් ඇල්ල නැරඹීමට ගිය 19 හැවිරිදි තරුණියක් අද (18) සවස ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය තවත් තරුණියන් ‍තිදෙනකු සමඟ පැමිණ දිය ඇල්ලේ පහළට ගමන් කර යළි ඉහළට පැමිණ කකුල් සෝදාගැනීමට යාමේ දී මේ අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

ඇල්ල මීටර 97ක් උසැතිය. ඇය සොයා ගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඇය සමඟ පැමිණි අනෙක් තරුණියන් තිදෙනා දිඹුල-පතන පොලිසියට ගෙන ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!