28.9 C
Galle

රිෂාඩ්ගේ බිරිඳගේ දුරකථන තොරතුරු පොලිසියට දෙන ලෙස අධිකරණයෙන් නියෝගයක්

Published:

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු 04 දෙනකුගේ දුරකථන සංවාද තොරතුරු වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබා දෙන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළාය.

රිෂාඩ් බදුයිදීන්ගේ නිවසේ සිටිය දී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණ්‍ය සම්බන්ධ පරීක්ෂණ සඳහා මෙම තොරතුරු අවශ්‍ය බවට බො‍රැල්ල පොලිසිය විසින් අධිකරණයට කරන ලද දැනුම් දීම සළකා බලා එම නියෝගය නිකුත් කර තිබේ.

මියගිය දැරිය හැටන් ප්‍රදේශයේ සිට රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රැගෙන ආ බව කියන පුද්ගලයකුගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග නිකුත් කර තිබෙබ්.

Related articles

spot_img
error: Content is protected !!