27.6 C
Galle

කාන්තාවකට කොරෝනා එන්නත් මාත්‍ර දෙකම එකම මොහොතේ දීලා

Published:

කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට උඩපේරාදෙණිය යොවුන් සේනාංක පරිශ්‍රයට පැමිණි කාන්තාවකට අද (21) එකම මොහොතේ දෙවතාවක් මොඩර්නා එන්නත ලබාදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙලෙස එකම එන්නත දෙවරක් ලබා දී ඇත්තේ පේරාදෙණිය, ඔගස්ටාවත්තේ පදිංචි සිව්දරු මවකටය.

මෙලෙස එන්නත් වැරදි ලෙස ලබාදීම සම්බන්ධයෙන් ඇගේ සැමියා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ගඟවට කෝරළය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් තම බිරිඳට එන්නත් දෙකක් ලබා දී ඇය රෝගී වූ පසු එහි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර දී නිවසට රැගෙන යන ලෙස දැන්වූ බවයි. නිවසට ගිය ඇය යළි රෝගී වූ බැවින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ද හෙතෙම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!