27.6 C
Galle

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙ‍නකු අත්අඩංගුවට

Published:

සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ පියා  (76) සහ එම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසට ගෙනඒමේ තැරැව්කාර කටයුතු කළ ඩයගම පදිංචි 60 හැවිරිදි පුද්ග‍ලයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ බාලවයස්කාර දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සහ දැරිය කෲරත්වයට පත්කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!