33.2 C
Galle

PCR ගත් හෙදියට පිඟානකින් පහරදුන් භික්ෂුවක් අත්අඩංගුවට ගනී

Published:

පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ දී තමන්ට වේදනාවක් ඇති වූ බව පවසමින් අසළ තිබූ පිඟානකින් හෙදියකගේ හිසට පහරදුන් බෞද්ධ භික්ෂුවක් ආනමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රෝහලේ ප්‍රතිකාර ලැබූ හිමියන්ගෙන් අද (26) පහරකෑමට ලක්වූ හෙදිය විසින් ජෛව සාම්පල ලබාගෙන ඇත. ඒ අවස්ථාවේ තමන්ට වේදනාවක් ඇති වූ බව පවසමින් හිමියන් වීදුරු පිඟානකින් පහර දී ඇත.

එම පහරදීම හේතුවෙන් හෙදියගේ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හෙදිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!