27.1 C
Galle

රත්නපුරයෙන් අතුරුදන් වූ දරුවා දින 08කට පසු රිදීගමින් හමුවෙයි

Published:

රත්නපුරයේ, මලංගම නිවසකින් පසුගිය 24 වැනි දා සිට අතුරුදන්ව සිටි 14 හැවිරිදි පිරිමි දරුවා අද (01) සවස කුරුණෑගල රිදියගම පොලිස් මාර්ග බාධකයක දී පොලිස් භාරයට ගෙන තිබේ.

එම දරුවා නිවසින් බැහැරව යන ආකාරය සීසීටීවී දර්ශනවල දක්නට ලැබුණු අතර පසුව අනාවරණය වූයේ ශ්‍රී පාදස්ථානයේ උඩමළුවට ද ගොස් තිබූ බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ මාර්ග බාධකයේ දී ගමන් මල්ලක් ද සහිතව පොලිස් භාරයට ගත් දරුවා පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

මේ වන විට දරුවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රත්නපුර පොලීසිය වෙත රැගෙන විත් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!