27.2 C
Galle

ශ්‍රී ලංකාවට නැගෙනහිරි මුහුදේ තවත් භූමිකම්පාවක්

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකබාර් දූපත් ආසන්නයේ බදාදා (04) රාත්‍රී 11.27ට තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

එහි දැක්වෙන්නේ රිච්ටර් මාපක 5.5ක ප්‍රභලත්වයකින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි. එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 05ක් ගැඹුරින් පිහිටා තිබූ බව ද පර්යේෂකයෝ කියති.

මෙම භූමිකම්පාවෙන් සුනාමි තත්වයක් ඇතිවීමට ඉඩක් නැත.

එසේ වුව ද ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටිය හා යුරෝ ආසියා භූ තැටිය මායිම්වන මෙම ස්ථානයේ ඊයේ (03) උදෑසන ද භූමිකම්පා මාලාවක් සිදුවූ බැවින් මෙලෙස දිගින් දිගමට භූමිකම්පා සිදුවීම අවදානම් තත්වයක් බව ද භූ විද්‍යාඥයෝ පවසති.

Related articles

spot_img
error: Content is protected !!