29.4 C
Galle

නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සුමාත්‍රා දූපත් අසළ අද (08) උදෑසන 7.32ට තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

රිච්ටර් මාපක 4.5ක ප්‍රබලත්වයකින් යුතු එම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය ඉන්දුනිසියාවේ, සිනබන් නගරයට කිලෝ මීටර 7.5 ක් දුරින් මුහුදු පතුලේ සිට කිලෝ මීටර 47ක් ගැඹුරින් පිහිටා ඇත.

මෙම භූමිකම්පාවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමට ඉඩක් නැත. නමුත් දිගින් දිගටම මෙම කලාපයේ සිදුවන භූමිකම්පා මාලාව මෙතෙක් අවසන්ව නොතිබීම හේතුවෙන් වැඩි අවදානකින් පසුවීම අත්‍යාවශ්‍ය බව භූ විද්‍යාඥයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!