29.4 C
Galle

කොරෝනා පැතිරෙද්දී මළ සිරුරු 2400ක් වැළලීමට ඉඩමක් හඳුනාගනී

Published:

කොරෝනා වසංගතය රටම වෙළා ගනිමින් තිබිය දී කොරෝනා මළ සිරුරු 2400ක් පමණ වළ දැමීය හැකි භූමියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනා‍‍ගැනීමට කටයුු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර 03ක විශාලත්වයක් ඇති බවයි.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය මත මෙම භූමිය තෝරාගෙ ඇති බව ඒ සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය හම්දානි කීවේය. ඔහු පවසන්නේ මේ වනවිට කොරෝනා මළ සිරුරු භූමදානය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි සුසාන බූඹියේ දැනට ඉඩ අවසන් වෙමින් පවතින බවයි. එහි භූමදානය කළ හැක්කේ තවත් මෘතදේහ තුන්සියයක පමණ ප්‍රමාණයක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!