27.6 C
Galle

මැතිව්ස් හැලේ. ක්‍රීඩකයෝ කොන්ත්‍රාත් අත්සන් කරති

Published:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 18 දෙනකු අත්සන් තබා ඇති අතර හිටපු නායකයකුවන ඇන්ජලෝ මැතිව්ස් එම කොන්ත්‍රාත්තුවෙන් ඉවත් සිටියි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ‍අශේන් බණ්ඩාර, අකිල ධනංජය මෙලෙස නව කොන්ත්‍රාත්තුව අතසන් කර තිබේ.

මෙම කොන්ත්‍රාත්තුව අගොස්තු 01 වැනි දා සිට දෙසැම්බර් මාසය දක්වා මාස 05කට වලංගුය.

නව ගිවිසුම අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරඟවල දී ක්‍රීඩකයන් දක්වන දක්ෂතා අනුව මුදල් ගෙවීම් වැඩිවෙයි.

මෙම නව ගිවිසුමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත.

Related articles

spot_img
error: Content is protected !!