28.7 C
Galle

තිස්සමහාරාම, තණමල්විල ප්‍රදේශයේ භූමිකම්පාවක්. හානියක් නෑ

Published:

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ අද රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

මෙය රිචටර් මාපකයේ 2.0ක පමණ සුළු භූමිකම්පාවකි. ඉන් කිසිදු හානියක් සිදුව නැ.

එසේ වුව ද දැනට සති කිහිපයක සිට ශ්‍රී ලංකාව ද අයත්වන ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටියේ තල මායිම් ඔස්සේ භූමිකම්පා මාලාවක් සිදුවූ අද අද දහවල් ශ්‍රී ලංකාවට ඊසාන දිග බෙංගාල බොක්කේ රිච්ටර් මාපක 5.1ක භූමිකපාවක් ද සිදුව තිබිණි. එය ශ්‍රී ලංකාවේ යාපනයේ සිට කිලෝ මීටර 600ක් පමණ ඈතින් සිදුවූ අතර මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් අපි කේන්ද්‍රය පිහිටා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!