26.9 C
Galle

බිත්තියක් කඩා වැටී කුඩා දරුවකු මරුට

Published:

වව්නියාවේ පෙරියකට්ටු ප්‍රදේශයේ නිවසක ඉදිකරමින් තිබ බිත්තියක ‍කොටසක් කඩා වැටීමෙන් වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි වව්නියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි සයන්තන් කාර්තිකන් නැමති පිරිමි දරුවෙකි.

මෙම දරුවා සෙල්ලම් කරමින් සිටිය දී ඒ අසළ  කුකුල් කූඩුවක් සෑදීමට බැඳ තිබූ බිත්ති කොටසක සිමෙන්ති ගල් කිහිපයක් දරුවාගේ ඇඟ මත පෙරැළී මරණය සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ දරුවා වව්නියාව රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බවයි.

දින කිහිපයකට පෙර ද බිත්තියක් කඩා වැටීමෙන් සෙල්ලම් කරමින් සිටි 09 හැවිරිදි දරුවෙක් මියගියේය. ඒ අනුව සතියක් ඇතුළත සිමෙන්ති ගල් බිත්ති කඩා වැටීමෙන් මියගිය දෙවැනි ළමයා මොහුය.

Related articles

spot_img
error: Content is protected !!