29.4 C
Galle

දෙවැනි තරඟයට වර්ෂාවෙන් බාධා

Published:

ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (04) පැවැත්විමට නියමිත දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් පැවැත්වීම ප්‍රමා‍දවෙමින් පවතී.

දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙය අද සවස 2.30ට ආරම්භවීමට නියමිතව තිබුණ ද දිගින් දිගටම ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් තවමත් ක්‍රීඩා පිටිය වැසි ආවරණ වලින් වසා දමා තිබේ.

නියමිත පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමකින් තොරව පැවැත්වීමටනම් සවස 3.30ට පෙර තරඟය ආරම්භ විය යුතුය.

ඉන් පසු තරඟය ආරම්භ වන්නේ නම් පන්දුවාර සංඛ්‍යාව අඩුකිරීමට සිදුවෙයි.

පළමු තරඟය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ මේ වනවිට 1-0ක් ලෙස පෙරමු‍ණ ගෙන සිටියි.

Related articles

spot_img
error: Content is protected !!