30.5 C
Galle

මව සමඟ කැලයට ගොස් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම්

Published:

දර කැඩීම සඳහා ඩන්සිනන් රක්ෂිතයට මව සමඟ ඇතුළු වූ 25 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.

ඇය සොයා මේ වනවිට යුද හමුදාව හා පොලිසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

තම දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි කළ එස්.මනෝවනී (58) පවසන්නේ ඊයේ (05) උදෑසන 9.30ට පමණ ඇය තම 25 හැවිරිදි දියණිය ද සමඟ ඩන්සිනන් රක්ෂිිතයට ඇතුළු වූ බවයි. තමන් දරකඩමින් සිටිය දී දියණිය කන්දේ මුදුනට තනියම ගමන් කළ බවත් ඉන් පසු සවස 2.00 වනතුරු බලා සිටිය ද ඇය නොපැමිණි බවත් මව පොලිසියට පවසා තිබේ.

පසුව ගමට පැමිණ ඒ ගැන අසල්වාසීන්ට දැනුම් දීමෙන් පසු කැලයට ගොස් සොයා බැලුව ද ඇය සෙයාගැනීමට හැකිවී නැත.

Related articles

spot_img
error: Content is protected !!