29.4 C
Galle

සුදුලූනු වංචාවට සැකපිට 04 දෙනකු අත්අඩංගුවට

Published:

සුදුලූනු බහාළුම් දෙකක් වංචා සහගත ලෙස ව්‍යාපාරිකයකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තුව විසින් තවත් සතොස සේවකයන් 04 දෙනකු ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර වැඩ තහනම්කර සිටින නිලධාරීන් තිදෙනකු සහ නවක නිලධාරිනියක් ද සිටින බව පැවසේ. එම නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල ලිපි ලේඛනවලට අත්සන් තැබීම හේතුවෙනි.

ඔවුන් සිව් දෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙලෙස අත්අඩංගුවට ගත් එක් නිලධාරියෙක් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!