29.4 C
Galle

අම්බලන්ගොඩ දී රිය අනතුරකින් දෙදෙනකු මරුට

Published:

අම්බලන්ගොඩ ගාල්ල ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ පරගහතොට සහ වඩුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනකි.

‍ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වෙමින් තිබූ රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු බරපතල තුවාල සහිතව බලපිටිය රෝහලට ගෙනගොස් සිටිය දී රියදුරා සහ තවත් පුද්ගලයකු මියගොස් සිටි බව ද පොලිසිය පවසයි.

ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!