26.9 C
Galle

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

Published:

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ බෙර වයමින් රැගෙන සොරබොර කෝරුප්ප සුසාන භූමියේ දී මිහිදන් කළහ.

මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගණය සොරබො‍රවැව ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් විසිනි. එය සොරබොර එකේ කණුව අසළ දී පැවැත්විණි.

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් පවසන්නේ ඇමතිවරයාගේ රුව මිහිදන් කළ ආකාරයෙන් තමන්ට ද පණ පිටින් වැළලීමට සිදුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!