26.9 C
Galle

හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි

Published:

ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා දෙසැම්බර් මාසයේ කොරෝනා රැල්ලක් ආරම්භ වීම ගැන අපේක්ෂාවෙන් සිටින බවයි. පසුගිය සතියක පමණක කාලයක් ශ්‍රී ලංකාවේ ද කොරෝනා ආසාදිතයන්ගේ සුළු වර්ධනයක් පෙන්වන බැවින් ජනතාව කොරෝනා අමතක කර කටයුතු කළහොත් හතරවැනි කොරෝනා රැල්ල වළක්වාගත නොහැකි වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කොරෝනා සමාජය තුළ තවමත් පවතින බැවින් මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛය ආරක්ෂිත ක්‍රම පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවයි.

Related articles

spot_img
error: Content is protected !!