31.1 C
Galle

කොරෝනා ආසාදිතයන් සහ මරණවල යළි වැඩිවීමක්

Published:

මෙරටින් වාර්තාවන දෛනික ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (13) දිනයේ දි පමණක් කොරෝනා ආසාදිතයන් 716 දෙනකු වාර්තා වූ අතර කොරෝනා ආසාදිත වූ මරණ 22ක් ද වාර්තා වී තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය සති දෙකට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන්‍‍ගේ සහ මරණවල පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුනහොත් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!