26.5 C
Galle

මාධ්‍යවේදීන්ට පනවා තිබූ සීමා ලිහිල් කරයි

Published:

ඇමරිකාව සහ චීනය ඔවුන්ගේ මාධ්‍යවේදීන්ට සංචාරක සහ වීසා සීමා ලිහිල් කිරීමට එකඟ වී තිබේ.

චීන අග්‍රාමාත්‍ය ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර සිදුවූ සාකච්ඡා වලින් පසුව මෙම ගිවිසුමට එළඹ තිබේ.

මෙම පියවර මගින් මාධ්‍යවේදීන්ට වඩාත් නිදහසේ රටවල් දෙකෙන්ම ඇතුළුවීමට සහ පිටවීමට ඉඩ සැලසේ.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන චයිනා ඩේලි පැවසුවේ මෙම ගිවිසුම “වසරකට වැඩි කාලයක් පැවති දුෂ්කර සාකච්ඡාවල” ප්‍රතිඵලයක් බවයි.

මේ යටතේ, රජයන් දෙකම මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස තුනේ සිට වසරක් දක්වා වැඩි කරනු ඇත.

වෙළඳාම, සයිබර් ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ කොරෝනා වෛරස් වසංගතය වටා නැගී එන ආතතීන් වැළැක්වීම සඳහා දෙරටටම මෙම තීරණය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ.

https://www.bbc.com/news/world-asia-china-59315372

Related articles

spot_img
error: Content is protected !!